PayMedia පෞද්ගලික සමාගම National Best Quality Software (NBQSA) 2025 සම්මාන උලෙළේ සමස්ත රන් සම්මානය දිනා ගත් අතර BoC Flex ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජංගම දුරකතන මෘදුකාංග යෙදවුම බවට පත් විය. ඔවුන්ගේ Digital Wallet විසඳුමට බැංකු සහ මූල්‍ය අංශය යටතේ කුසලතා සම්මානයත්, BoC Flex ජංගම දුරකතන යෙදවුමට Digital Government අංශය යටතේ රන් සම්මානයත් හිමි විය.
මෙය කුඩා පරිමාණ ව්‍යාපාරයක පටන් ජාතික මට්ටමේ මූල්‍ය තාක්ෂණ සමාගමක් දක්වා PayMedia සමාගම පැමිණි ගමන්මඟේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මූල්‍ය තාක්ෂණය සහ ස්වයංක්‍රිය ගෙවීම් යන අංශවල සැබෑ වෙනසක් ඇති කිරීම දැක්ම කර ගත් PayMedia සමාගම ආරක්‍ෂිත සහ සරල ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා කැපවී සිටී.
පසුගිය කාලය තුළ ප්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන රැසක විශ්වසනීය ඩිජිටල් සහකරු බවට පත්වීමට එම සමාගමට හැකි විය. BoC Flex වෙත ලැබුණු සමස්ත රන් සම්මානය සහ Digital Government අංශය යටතේ ලැබුණු රන් සම්මානය නව්‍යකරණය සඳහා ඔවුන් සතු කැපවීම සහ ජාතික වශයෙන් ඔවුන් ඇති කර ඇති ධනාත්මක බලපෑම පිළිබිඹු කරයි. විනයගරුකභාවය, කණ්ඩායම් හැඟීම, පර්යේෂණ සඳහා වන කැපවීම, ජනතාව පළමුකොට සැලකීම, නිර්මාණාත්මකභාවය, වගකීම්සහගතභාවය ඇතුළු බොහෝ දේ මෙම ජයග්‍රහණ සඳහා හේතු වී තිබේ.
උසස් දැක්මක් සහිත අධ්‍යක්ෂ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ විශ්වසනීය මූල්‍ය තාක්ෂණ සහකරුවෙකු ලෙස අඛණ්ඩව විශිෂ්ට සේවාවක් සැපයීම එම සමාගමේ අරමුණයි. පසුගිය කාලය තුළ ඔවුන් ISO 9001:2015, PCI DSS, ISO 27001 ඇතුළු දෙස්, විදෙස් තත්ත්ව සහතික රැසක් දිනා තිබේ. 160කට වැඩි වෘත්තිකයන් පිරිසකගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එම සමාගම මෙරට ඩිජිටල් අනාගතය තුළ ධනාත්මක පරිවර්තනයක් ඇතිකිරීමට කැප වී සිටී. ඩිජිටල් පරිවර්තනයක් තුළින් මෙරට අභිවෘද්ධිය සඳහා සාධනීය දායකත්වයක් සැපයීම සහ ඩිජිටල් ආර්ථිකයේ නිම්වළලු පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණයි.














