අත්‍යවශ්‍ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද (12) මධ්‍යම රාත්‍රියේ සිටි අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2027 අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදු කරමිනි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ජනපතිවරයා මෙසේ ද පැවසුවේය.
“අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට යෝජනා කරනවා. මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි”.















