අයවැය යෝජනා 2027: පුද්ගල ආදායම් බද්ද වෙනස් වෙන්නේ කොහොම ද?

පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි ආදායම් පරාසයන් පුළුල් කිරීම මඟින් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.

ඒ අනුව මාසික ආදායමෙන් රුපියල් 162,000ක් දක්වා බද්දෙන් නිදහස් කිරීමට යෝජිත අතර බද්දෙන් නිදහස් වන වාර්ෂික ආදායම රුපියල් 1,950,000ක් දක්වා ඉහළ දැමීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසුවේය, “අප රජය විසින් 2025 වසරේ දී වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු. මිලියන 1.2 සිට රු. මිලියන 1.8 දක්වා ඉහළ නංවනු ලැබුවා. මෙම පියවර මඟින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 3,500 ක සිට උපරිම වශයෙන් රු. 20,500 ක් දක්වා බදු සහනයක් හිමි වුණා.

පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි ආදායම් පරාසයන් පුළුල් කිරීම මඟින් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.

මසකට රු. 100,000 ක් වූ බදු නිදහස් සීමාව රු. 150,000 ක් දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. යෝජිත සංශෝධන මඟින් එය රු. 162,500 ක් දක්වා තවදුරටත් ඉහළ නැංවෙනවා. ඒ අනුව, රු. 162,500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ.

6% බදු අනුපාතය අදාළ වන බදු ස්ථරය මසකට රු. 70,833 ක් වන අතර, ඉන් අනතුරුව බදු ස්ථර මසකට රු. 41,667 සිට මසකට රු. 50,000 දක්වා පුළුල් වනවා. 6% අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අදාළ කරමින් 6%, 12%, 18%, 24%, 30% හා 36% ලෙස බදු අනුපාත සකස් කෙරෙනවා.

උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත.

ඒ අනුව, 2025 වසරේ දී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ සහ 2027 වසර සඳහා යෝජිත සංශෝධනවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, අප රජය විසින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට ලබා දෙන සමස්ත මාසික බදු සහනය අවම වශයෙන් රු. 4,250 ක සිට උපරිම වශයෙන් රු. 36,250 ක් දක්වා ඉහළ නැංවෙනවා”.

මාසික ආදායම් සීමාවබදු අනුපාතය
ඉතිරි බදු අය කළ හැකි ආදායම36%
මීළඟ රු. 50,00012%
මීළඟ රු. 50,00018%
මීළඟ රු. 50,00024%
මීළඟ රු. 50,00030%
මීළඟ රු. 70,8336%
රු. 162,500 දක්වා0%

මූලාශ්‍රය: 2027 අයවැය යෝජනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website