අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රදානොත්සවයකට සහභාගී වීම තුළින් රාජ්ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
















