
වත්මන් රජය විශ්විද්‍යාල සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය පවා සිය දේශපාලන වාසියක් බවට පත් කර ගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි වනිතා බලවේගයේ ගලිගමුව ආසන බල මණ්ඩල පිහිටුවීම වෙනුවෙන් ඊයේ (28) පැවැති රැස්වීමේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනය නියෝජනය කරන ජනතාව එක් වූහ.

















