යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හෙට (22) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.
22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිත බව ද කතානායක කාර්යාලය පැවසුවේය.















