ගැලනිගම සහ දොඩන්ගොඩ අතර කොළඹ දෙසට මංතීරුවේ කැබ් – බස් ගැටෙයි: පසුව වාහන 11ක් ගැටෙයි – 06ක තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩන්ගොඩ අතර කොළඹ දෙසට මංතීරුවේ 19.7R ස්ථානයේ අද (21) දින උදෑසන සිදුවූ රිය අනතුරකින් වාහන 11ක් පමණ ගැටී අනතුරට ලක්වී ඇත.

වාර්තා වන තොරතුරු අනුව දැනට තුවාල ලැබූ පුද්ලයින් සංඛ්‍යාව 06 ක් වේ.

අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් මේ වන විට එම මාර්ගයේ සාමාන්‍ය පරිදි රථවාහන ධාවනයට ඉඩ සලසා ඇත. පළමුව කැබ් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරට හේතුවූ කරුණු අනාවරණය සඳහා විමර්ශන සිදුකරමින් පවතී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website