2026.08.04 වන දින රාත්‍රියේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ අපරාධයේ සැකකරුවෙකු, පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් වසමේදී ඊයේ (14) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියාකරමින් අපරාධය සඳහා අධාර අනුබලදී ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරු වයස අවුරුදු 20 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ වෙඩිතැබීමේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඉලක්කවූ පුද්ගලයා වෙඩික්කරු සමඟ පොරබඳා පිස්තෝල වර්ගයේ උදුරාගැනීමට සමත් වූ අතර වෙඩික්කරු සහ යතුරුපැදිකරු එහිදී ගිනි අවිය අතහැර පළා ගොස් තිබුනි.
දෙහිවල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත් පැදිකරු සම්බන්ධව හා අපරාධයට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරයි.















