දෙහිවල දරුවන් දෙදෙනෙකු ඝාතනය කළ අත්බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 11 වන දින දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2026.09.14 දින දෙහිවල පොලිස් වසමේ නැදිමාල හා කළුබෝවිල ප්‍රදේශවලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් හා ජංගම දුරකතනයක් සමඟ අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 28 හා 36 වයස්වල පසුවන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත එක් සැකකරුවෙකු මෙම අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථය අලුත්වැඩියාව සඳහා ගරාජයක් වෙත රැගෙන ගිය අයෙකු වන අතර අනෙක් සැකකරු එම ගරාජයේ හිමිකරු වේ.

දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website