තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ්කාබද්ධව සංවිධානය කරනු ලබන “Colombo Marathon – 2026” මැරතන් තරඟයේ ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (12) දින උදෑසන 08.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා දේශීය හා විදේශීය තරඟකරුවන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතව ඇති බව දැනුම් දී ඇත.
එබැවින් එදින ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ මෙන්ම එම පරිශ්‍රයේ ඉදිරිපිට මාර්ගයේ යම් තදබදයක් ඇති විය හැකි බැවින් ක්‍රීඩකයින් ලියාපදිංචි කරන කාලසීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපිට පිලිප් ගුණවර්ධන මාවතේ එක් මං තීරුවක් වසා තැබීමට සැලසුම් කර ඇත.















