මින්නේරිය ‘දේවල වංගුවේ දී’ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පනී – 22කට තුවාල

පොළොන්නරුව-හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හත්වන සැතපුම් කණුව අසල ‘දේවල වංගුව’ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල ඇළකට පෙරළීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 22 දෙනෙකු රෝහල් ගත කළ බව මින්නේරිය පොලිසිය පැවසුවේය.

අද (10) අලුයම 4:45 ට පමණ මැදිරිගිරිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

තුවාලකරුවන් හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website