2026/27 මහ කන්නයේ වගා කටයුතු පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් 18 වන දින ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (4) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම සඳහා අදාළ සියලුම අංශ සමඟ මූලික සාකච්ඡාවක් සැප්තැම්බර් 8 වන දින පවත්වන බවයි.
ගොවීන්, මහවැලි නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අවසන් තීරණය සැප්තැම්බර් 18 වන දින පේරාදෙණියේදී ගන්නා බව ද රටට බලපාන එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද මෙම වසරේ සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.















