වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584ක් පීඩාවට – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

පීඩාවට පත් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඇති අතර, එහි පවුල් 11,751ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව අම්පාර, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල ද පවුල් විශාල සංඛ්‍යාවක් වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටී.

වියළි කාලගුණයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවලට පානීය ජලය බෙදා හරින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website