මාස හයට රු. මිලියන 512,547ක රේගු බදු ආදායමක්: වැඩිම දායකත්වය 1000cc ට අඩු පෙට්‍රල් වාහන

2026 ජූනි 30 වන විට  වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් ඒ අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

ඉන් වැඩිම බදු ආදායම වන රුපියල් මිලියන 386,726ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුණේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රුපියල් බිලියන 137.4කි. එය සමස්ත ආදාමෙන්  සියයට 9.96 ක ප්‍රතිශතයකි.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා  මෙම කරුණු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website