නව අභියාචනාධිකරණ විනිසුරු සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙසද ඇය කටයුතු කළාය.

දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාරධූරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website