2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රුපියල් මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084ක් උපයා ඇති බව ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසුවේය.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී රේගු අධ්යක්ෂ ජනරාල්වරයා මෙම කරුණු හෙළි කළේය.
රේගුවේ ආදායම් වර්ධනය ප්රතිශතාත්මකව 130%ක ප්රගතියක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන්කළේය.
මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ













