2027 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට (සැප්තැම්බර් 01) දින සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගිනි අවි බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 දිනට පෙර තම බලපත්‍ර අලුත් කළ යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම ගිනි අවි ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නියමිත කාලසීමාවට පෙර බලපත්‍ර අලුත් කිරීමට අපොහොසත් වන ගිනි අවි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
















