හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සීනි මුන්න ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
එහි දී හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ ඉදිකරන ලද වී ගබඩා සංකීර්ණයක නිරික්ෂණ චාරිකාවක ද විපක්ෂ නායකවරයා නිරත විය. එසේම එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් සොයා බැලීමට ද ඔහු පියවර ගත්තේය.















