SL vs IND: සංචාරක ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළම එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිවුවැනි දිනය නිමාවට පත්වන විට අද (26) දින ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉණිමේ කඩුළු හයකට ලකුණු 229ක් රැස් කර සිටියේය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිමේ කඩුළු 09කට රැස් කළ ලකුණු 503ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමේ දී ලකුණු 290ක් රැස් කළේය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක් ඉදිරියෙන් පසුවේ.

විචාරකයින්ට අනුව ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 87%ක් වන අතර තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වීමේ සම්භාවිතාව 11%කි. ශ්‍රී ලංකාව මෙම තරඟය ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 2%කි.

හෙට (27) තරඟයේ අවසන් දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website