SL vs IND: සංචාරක ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා අසීරු තත්ත්වයක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙසට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය ඊයේ (25) අවසන් වන විට සිය පළමු ඉණිමේ දී ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 503ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කට ලකුණු 265ක් රැස් කර තිබුණේය.

ඒ අනුව තරඟයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුළු 02ක් අතැතිව ලකුණු 238ක් පසු පසින් පසුවේ.

මෙම තරඟය ජයගැනීමේ හැකියාව ඉන්දියාවට 77%ක් ද ජය පැරදුමෙන් තොරව අවසන් වීමේ හැකියාව 21%ක් සහ ශ්‍රී ලංකාවට තරඟය ජය ගැනීමේ හැකියාව 2%ක් ද බව විචාරක මතයයි.

අද තරඟයේ සිවු වැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website