කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කාර්ය මණ්ඩලය වෙත ප්‍රසාද දීමනා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය  සිය සේවක සේවිකාවන් 383 දෙනෙකු සහා ප්‍රසාද දීමනා ලබ දීමට කටයුතු කර ඇත.

කෘෂිකාර්මික හා ගොයිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (04)  නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

සේවක සේවිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් මෙම ප්‍රසාද දීමනා ලබාදීමට අපේක්ෂිත අතර ප්‍රසාද දීමනා ලබා ගැනීමට සුදුසුකම් ලබන එක් නිලධාරියෙක් සඳහා රුපියල් 40,000ක ප්‍රසාද දීමනාවක් හිමිවේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පසුගිය 2025/26 වර්ෂ වලදී ලබා ගන්නා ලද ශුද්ධ ලාභය පදනම් කර ගනිමින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙම ප්‍රසාද දීමනා ගෙවීම සිදුකරනු ලබන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

බෝග වගා රක්ෂණය, අතිරේක බෝග රක්ෂණය, පශු රක්ෂණය, තෙවන පාර්ශ්ව රක්ෂණය ඇතුළු අනෙකුත් රක්ෂණ යෝජනා ක්‍රමවලින් ලැබෙන ලාභය මත පදනම්ව මෙම ප්‍රසාද දීමනා ගෙවීම සිදු කරන අතර අද (04) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රසාද දීමනා ගෙවීම සිදුවන බව ද අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website