නව තාක්ෂණයෙන් හැඩවූ දඹුල්ලේ ලොකු ළූණු වගාව සියැසින් දැක බලා ගැනීම අවස්ථාවක්

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවර 2026 යල කන්නයේ දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු වගා කරන ගොවීන්හට මෙම තාක්ෂණය යොදා ගනිමින් වගාව සිදුකිරීම සඳහා අවශ්‍ය දැනුම හා  සහයෝගය ලබා දෙන ලදී.

ඒ අනුව ගොවීන් විශාල පිරිසක් බිංදු ජලසම්පාදනය යොදා උස් පාත්තිවල සිදුකල වගාව මගින් 50%ක පමණ අස්වැන්න වැඩිවීමක් ලබාගැනීමට සමත්වී ඇත.මෙම  තාක්ෂණය අනෙක් ගොවීන් වෙතට ද සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් යුතුව නව තාක්ෂණය සියැසින් දැකබලා ගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ 2026 සැප්තැම්බර් 16 වන දින දඹුල්ල කලාපයේ කළුන්දෑව ග්‍රාමයේදී ලොකු ළූනු ක්ෂේත්‍ර දිනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්තේ එනිසාය. එදින ක්ෂේත්‍රයට පැමිණ නව තාක්ෂණය සියැසින් දැක බලා ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවට ආරාධනා කරයි.

තොරතුරු හා   සංස්කරණය –  පෙමිලා ජයරත්න,  සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම                                            තොරතුරු හා  සන්නිවෙිදන මධ්‍යස්ථානය, ගන්නොරුව  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website