කැනඩා මහ කොමසාරිස්වරිය සහ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත අතර හමුවක්

කැනඩා මහකොමසාරිස්  Isabelle Martin  මහත්මිය අද (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්  කාන්ත මහතා හමු වූවාය. මෙය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා වටිනා අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ලබාදීමට මහ කොමසාරිස්වරිය එකඟතාවය පළ කළාය. දෙරට අතර මනා අවබෝධයෙන් කටයුතු කිරීම මඟින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය වඩාත් දියුණු තත්වයට පත් කිරීමට හැකි අයුරින් සහයෝගය ලබා දීමටත් ඇය ප්‍රකාශ කළ අතර ආණ්ඩුවට ප්‍රශංසා කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධා‍රී කිහිප දෙනෙක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website