රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහට ඇප

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන අයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ඇප ලබා දුන්නේය.

සැකකරුවන්ට රුපියල් මිලියන 5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නියම කරන ලදී.

සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් ද පැනවූ අතර ඇපකරුවන්ට අදාළ ඇප අධිකරණයේ තැන්පත් කළ හැකි බව සනාථ කරන දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website