ජනපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගතයුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.

එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමු වරට බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් බන්ධනාගාර නිලධාරීහු ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) එස්.කේ. පල්ලෙතැන්න, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ඒ.සී.ගජනායක යන මහත්ම මහත්මීහු ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website