සජිත් වීරවිල සහ සූරියවැව ගොවි ජනතාවගේ ගැටලු සොයා බලයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කර ගනිමින් ජන හමුවක් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධනත්වයෙන් හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ දී පැවැත්විණි.

මෙහි දී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් හඳුනා ගැනීමට හැකි විය. එම ගැටලු ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමට නියමිතය. මේ අවස්ථාව වෙනුවෙන් එම ප්‍රදේශය නියෝජනය කරමින් ගොවි ජනතාව විශාල වශයෙන් එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කර ගනිමින් ජන හමුවක් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූරියවැව ප්‍රදේශයේ දී පැවැත්විණි.

මෙහි දී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් හඳුනා ගැනීමට හැකි විය. එම ගැටලු ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමට නියමිතය. මේ අවස්ථාව වෙනුවෙන් එම සූරියවැව ප්‍රදේශය නියෝජනය කරමින් ගොවි ජනතාව විශාල වශයෙන් එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website