රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිෂම විසින් පවරා ඇති නඩුව සැප්තැම්බර් 30 වනදා යළි කැඳවන ලෙස කොලඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (08) නියම කළේය.
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය එදින දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.












