අප රටට නොවෙනස් ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට නිර්මාණය වන ඛේදවාචකයන් හමුවේ තාවකාලික පැලැස්තර ලෙස නිර්මාණය වන පරිසර ප්‍රතිපත්තියක් වුවත් අප රටට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද Rain forest trust සංවිධානය විසින් වෘක්ෂලතාවල නාමපුවරු සවිකර ජනතාව දැනුවත් කර කොළඹ පාරිසරික සංරක්ෂණ කලාප නිර්මාණය කිරීමේ අරමුණින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඇවිදින මංතීරුව අසළ පැවැති උත්සවය අමතමිනි

අද වන විට එල්⁣නීනෝ ලානීනා කියන දේශගුණික කාලගුණික විපර්යාසය තුළ රටට මුහුණ දෙන්න ඇති භයංකාර තත්ත්වයක් ගැන කතා වෙන බවත් කෘෂිකාර්මික කටයුතු කඩා වැටී ජීවනෝපාය කඩා වැටි ජල හිගතාව නිසා පුනර්ජනනීය බලශක්තිය අහිමි වී ඛේදවාචක රැසක් සිදුවිය හැකි බවත් අද මේ ගැන විශාල ප්‍රවෘත්ති මැවුනත් පාර්ලිමේන්තුවේ තමා සහ මහාචාර්ය අබේවික්‍රම මහතා සම සභාපතීත්වය දරණ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අනතුරු ඇගවු බවත් ඛේදවාචක සිදුවු පසු ප්‍රතිකර්ම සෙවීම සිදු කරනවාට වඩා මෙවැනි ඛේදවාචක සිදුවෙන්න පෙර සූදානම් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතය සුරක්ෂිත කරන්නට වනයේ නගරයේ හා ගමේ ඇති ස්වාභාවික වෘක්ෂලතා සුරක්ෂිත කළ යුතු බවත් ආර්ථික ඉලක්ක අතර සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික ඉලක්ක ගැන කතා කළත් ⁣අද වන විට GDP අංශයෙන් ඔබ්බට ගොස් Gross national happiness ගණනය කිරීමේ ක්‍රමයකට යා යුතු බවත් එහි දි පරිසරය ගහකොළ සතාසිව්පාවගෙ අගය වැඩි කිරීම ද සිදු කළ යුතු බවත් රටක් ලෙස ඉදිරිය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website