පාස්කු ඉරිදා ප්රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
සිය පෙත්සමේ, හිටපු ජනාධිපතිවරයා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර නීතිඥ සනත් විජේවර්ධන හරහා මෙම පෙත්සම ගොනු කර ඇත.
















