මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි: විපක්ෂයේ 40ක් අත්සන් කරති
මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත් මේ සඳහා දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
විශේෂයෙන්ම, NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
ඔහු එම කාරනා සඳහන් කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ඔහු එහිදී දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුව ද, තිරය පිටුපස පවතිනුයේ කෘතිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. IMF වාරිකය ලැබුණ ද රජය රට සහ ජනතාව දැඩි බදු බරකින් පීඩනයකට ලක් කර ඇති අතර, මෙම ගිවිසුම් අවසන් වූ පසු ඉදිරි අනාගත වැඩපිළිවෙල රටට හෙළි කළ යුතු බවද ඔහු කියා සිටියේය.
මීට අමතරව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද ඔහු හෙළි කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් සඳහන් කළ රවී කරුණානායක, එහි දී ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ ආණ්ඩු පක්ෂයේ අනෙක් පිරිස් අතර පවතින අභ්‍යන්තර පරස්පරතා ද විවේචනයට ලක් කළේය.
අවසාන වශයෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සියයට 20ක බදු පැනවීම් සහ ‘එල් නිනෝ’ දේශගුණික අවදානම වැනි ඉදිරියේදී පැමිණෙන ගෝලීය අභියෝග හමුවේ රට සූදානම් කිරීමේ නිසි වැඩපිළිවෙලක් වත්මන් රජයට නොමැති බව රවී කරුණානායක වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
















