සමාජ මාධ්‍යයේ සංසරණය වන ඉන්ධන පිරවුම් හල් සේවකයකුට පහර දෙන වීඩියෝවේ සිටින සැකකරු අත්අඩංගුවට

ඉන්ධන පිරවුම් හල් සේවකයකුට පහර දෙන වීඩියෝවක දර්ශනයක් ඊයේ දින (2026.06.03) සමාජ මාධ්‍ය තුල සංසරණය විය. එසේ පහර කෑමට ලක්ව ඇත්තේ මිරිහාන පොලිස් වසමේ පින්නියර ඉන්ධන පිරවුම්හලේ සේවකයකු වන අතර එම සිදුවීම 2026.06.03 දින පස්වරුවේ සිදුවී ඇත.

එම සිදුවීමට සම්බන්ධ සැකකරු අද දින මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 34ක් වන මාදිවෙල, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු QR කේතය නොමැතිව ඉහත ඉන්ධන හල වෙත ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී QR කේතය නොමැතිව ඉන්ධන ලබාදිය නොහැකි බවට පොම්පකරු විසින් පැවසූ අවස්ථාවේදී මෙම පහර දීම සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී පහරකෑමට ලක්වූ ඉන්ධන පිරවුම්හලේ සේවකයා පවසා ඇත්තේ මෙම සිදුවීම පොලිස් ස්ථානය මගින් සමථයකට පත් කර දෙන ලෙසයි. ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරුට දැඩි ලෙස අවවාද කර මෙය සමථයකට පත් කර ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයාද වැඩිදුර ප්‍රකාශයක් ලබාදෙමින් මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන නොයන ලෙසට ඉල්ලීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website