“දේශපාලන වේදිකාවේ මොන තරම් කන් පුපුරන කතා ඇහුණත් (ඇත්ත වශයෙන්ම) තමිල්නාඩුවේ දෙමළ ජනතාව මේ පිළිබඳ එතරම් උද්යෝගයක් දක්වන බවක් අපි දැක්කේ නැහැ. මධ්‍යම රජයේ උද්යෝගයකුත් නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන කතා නොකළ යුතුයි කියලා. ඒක කොහොමද කර ගන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ ඡන්දයේ දී අපි දැක්ක දේ තමයි, (මේක ලංකාවේදීත් වුණා වගේම) ප්‍රධාන පක්ෂ අභිබවා අලුත් පක්ෂයට එළියට ඒම
නීතිඥ ශිරාල් ලක්තිලක
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 274 වැනි කතිකාව පසුගිය 15 වැනි ඉරිදා ‘නව දේශපාලන ප්‍රවණතා තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයන්හි හෙට දවස’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු තානාපති සුමිත් නාකන්දල, නීතිඥ ශිරාල් ලක්තිලක සහ අරුත සංවිධානයේ චාරුක පීරිස් සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම කතිකාවේ දී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමැතිවරයා ලෙස සුපිරි නළු තලපති විජේ පත්වීමත් සමඟ ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ඇති වී තිබෙන අවධානය සහ සංවාදය බොහෝ දුරට පදනමක් නැති සංවාදයක් ලෙස සැලකිය හැකිය. එයට හේතු ගණනාවකි. ඒ අතර ප්‍රධාන වන්නේඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වැනි පරිශිෂ්ඨ සඳහන්ව ඇති ආකාරයට විදේශ කටයුතු සම්බන්ධ බලතල මධ්‍යම ආණ්ඩුව සතු වන හෙයින් කච්චතිව් වැනි විෂයක් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිවරයා කළ හැකි දෙයක් නැත.
එසේම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ න්‍යාය පත්‍රය මේ වන විට වෙනස් වී ඇත. නරේන්ද්‍ර මෝදිගේ ආගමනයත් සමඟ මේ වන විට ඉන්දියාවේ පවතින්නේ ‘කලාපීය ආර්ථික න්‍යාය පත්‍රයක් පෙරටු කරගත් විදේශ ප්‍රතිපත්තියකි. වර්තමානය වන විට ඉන්දියාවට සිය කලාපීය අසල්වැසියන් බහුතරය අහිමි වී ඇති අතර ශ්‍රී ලංකාව වඩාත්ම සමීප අසල්වැසියා බවට පත්ව ඇත. මේ තත්වය තුළ ඉන්දීයාව තව දුරටත් සිය අසල්වැසියන් අහිමිකර ගැනීමට යන්නේ නැත. එසේම ඉන්දියාව වර්තමානයේ කටයුතු කරනු ලබන්නේ ‘Greater India’ ප්‍රතිපත්තියේ සිට හෙයින්, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ‘සැලකිල්ලක්’ දක්වන බවක් නොපෙනේ.
එම ප්‍රතිපත්තියේම යාපනය දමිළ ජනතාවගේ ප්‍රශ්නය මෝදි ආණ්ඩුවේ ‘අවසාන ඡේදයට’ සඳහන් වන්නක් මිස, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස එම්.ජී.ආර් සහ ඉන්දිරා ගාන්ධි කටයුතු කළ ආකාරයට කච්චතිව් මෝදි පාලනයට ‘පළමු පෙළ කරුණක්’ නොවන බව විශ්වාස කළ හැකි අතර මෝදි පාලනය එය ප්‍රායෝගිකවත් ප්‍රකට කර ඇත.
ඊට පස්සේ අනන්‍ය ආර්ථික කලාපයේ සිට මීටර් 500ක් ගැඹුරට අයත් සාගර කලාපය ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හා ආර්ථික ස්වාධිපත්‍යයට අයිති වෙනවා” නීතිඥ ශිරාල් පෙන්වා දුන්නේය.මෙහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ‘මේ ආකාරයට බෙදා වෙන් කළ නොහැකි අවස්ථා ද’ පවතින බවයි. ඔහු උදාහරණයක් ලෙස හෝමුස් සමුද සන්ධිය ගත්තේය. එය ඔ්මානය සහ ඉරානය අතර තිබෙන හෝමුස් සමුද්‍ර සන්ධිය දෙකට බෙදා වෙන්කළ නොහැකි බව ශිරාල් පැවසුවේය

ලංකාවේ සංවාදය
“විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාවේ කච්චතිව් සම්බන්ධ සටන් පාඨය ගෙන යන්නේ ජාත්‍යන්තර සාගර නීතිය ගැන දැනුමකින් තොරව. ඒ වගේම මේ සටන් පාඨය මෑතකදී පටන් ගත්තෙත් නරේන්ද්‍ර මෝදි. ඔහු පසුගිය ඉන්දීය මහ මැතිවරණයේ දී කොන්ග්‍රස් පක්ෂයට පහර දෙන්න කච්චතිව් පාවිච්චි කළා. ඒ නිසා තමයි ඔහු කිව්වේ ‘ඉන්දිරා ගාන්ධි මේක පාවා දුන්නා’ කියලා. ඔහු ලංකාවට චෝදනා කළේ නැහැ, ඔහු චෝදනාව එල්ල කළේ ඉන්දිරා ගාන්ධිට. මෙසේ චෝදනා එල්ල කරලා මෝදි ජනතාවට පෙන්නන්න හැදුවා ඉන්දිරා ගාන්ධිලා, රාහුල් ගාන්ධිලා කියන්නේ දේශප්‍රේමී දේශපාලනඥයින් කණ්ඩායමක් නොවන බව” නීතිඥ ශිරල් ලක්තිලක තර්ක කළේය.
ඔහු පැවසුවේ ජාත්‍යන්තර නීතිය අනුව සලකා බලන විට බාදිය මට්ටමේ සිට සැතපුම් 14ක් දක්වා ‘දේශීය ජල තීරය’ නම් කලාපයක් පවතින අතර, එතැන් සිට සැතපුම් 220ක් ‘අනන්‍ය ආර්ථික කලාපයට’ අයත් වන බවයි.
“ඊට පස්සේ අනන්‍ය ආර්ථික කලාපයේ සිට මීටර් 500ක් ගැඹුරට අයත් සාගර කලාපය ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හා ආර්ථික ස්වාධිපත්‍යයට අයිති වෙනවා” නීතිඥ ශිරාල් පෙන්වා දුන්නේය.මෙහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ‘මේ ආකාරයට බෙදා වෙන් කළ නොහැකි අවස්ථා ද’ පවතින බවයි. ඔහු උදාහරණයක් ලෙස හෝමුස් සමුද සන්ධිය ගත්තේය. එය ඔ්මානය සහ ඉරානය අතර තිබෙන හෝමුස් සමුද්‍ර සන්ධිය දෙකට බෙදා වෙන්කළ නොහැකි බව ශිරාල් පැවසුවේය.
“මේ පසුබිම තුළ ජාත්‍යන්තර සාගර නීතිය භාවිතා කළ සංකල්පය තමයි equidistance කියන සංකල්පය. මේ සංකල්පය අපේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන මුහුදු කලාපයට ආදේශ කළ විට දෙරට අතර සාගරයේ ‘මැද රේඛාවක්’ අදින්න අමාරුයි. ඒ නිසා 1981 ෂර්ලි අමරසේන මහත්මයාගේ ප්‍රධානත්යෙන් සම්පාදනය කළ ‘ජාත්‍යන්තර සාගර නීතියේ දී’ equidistance න්‍යාය අනුව මේ මුහුදු තීරය බෙදූ විට කච්චතිව් දූපත තිබුණෙ හරි මැද. ඒ සිතියම දැන් ඇදලා තියෙන්නේ. ඒ අවස්ථාවේ දී ඉන්දියාව ‘ස්ව කැමැත්තෙන්’ ඒ අයිතිය ශ්‍රී ලංකාවට දීලා තියෙන්නේ. මේ පසුබිම තුළ කච්චතිව් නැවත ගන්න නම් ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ ගැටුමකට යන්න වෙනවා. මම කිසිම අවස්ථාවක හිතන්නේ නැහැ ඉන්දීය රජය ඒවැනි පියවරකට යයි කියලා” ශිරාල් ජාත්‍යන්තර සාගර නීතිය සහ කච්චතිව් ගැටලුව ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේ.
ඔහු කියලා තිබුණා තමිල්නාඩුවේ තිබෙන Megaphone politics වලට ශ්‍රී ලංකික දෙමළ ජනතාවගේ දේශපාලනය ‘යටපත්’ කරන්න ඉඩ නොදිය යුතුයි කියලා. ඔහු මේක ලියන්නේ තලපති විජේට. මේ පසුබිම තුළ මට නම් මේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්, ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ, දේශීය ප්‍රශ්නයක් වෙන්වෙනත් නැහැ” ශිරාල් පැවසුවේය.

Megaphone politics
ශිරාල් මෙහි දී Jaffna Monitor වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයා වන නාරායන් සාමි විසින් සම්පාදිත ලිපියක් ද උපුටා දැක්වූවේය.
“ඔහු කියලා තිබුණා තමිල්නාඩුවේ තිබෙන Megaphone politics වලට ශ්‍රී ලංකික දෙමළ ජනතාවගේ දේශපාලනය ‘යටපත්’ කරන්න ඉඩ නොදිය යුතුයි කියලා. ඔහු මේක ලියන්නේ තලපති විජේට. මේ පසුබිම තුළ මට නම් මේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්, ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ, දේශීය ප්‍රශ්නයක් වෙන්වෙනත් නැහැ” ශිරාල් පැවසුවේය.
කච්චතිව් සම්බන්ධයෙන් තවත් වැදගත් කාරණයක් ශිරාල් යළිත් පෙරට ගත්තේය. ඔහු පැවසුවේ උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින්ගේ ‘ට්‍රෝලිං’ බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි බවයි.
“මේ ප්‍රශ්නයට විසඳුමකුත් නැහැ’ ඔහු අවධාරණයෙන් යුතුව පෙන්වා දුන් අතර මෙම ප්‍රශ්නය තිබෙන තාක් කල් තමිල්නාඩු මහ ඇමැතිවරයාට මේ ප්‍රශ්නය සම්බන්ධ ‘කෑ ගැසීමට’ සිදුවන බව ද කීවේය.
“නමුත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමේ හැකියාවකුත් නැහැ. ඒ වගේම අනන්‍ය ආර්ථික කලාපය / Exclusive Economic Zone ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෙදා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයකුත් තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය නම් අපට නැවතත් ගැටුමකට යාමට සිදුවෙනවා. එසේ කළ නොහැකි නම් මේ ගැටලුව රටවල් දෙක අතර දීර්ඝ කාලීන ප්‍රශ්නයක් හැටියට තියෙයි” ශිරාල් වැඩි දුරටත් සඳහන් කළේය.

ඡන්ද ප්‍රතිඵල
මෙහි දී ශිරාල් තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගැන ද අවධානය යොමු කළේය. එහි දී ඔහු පැවසුවේ කොටි සංවිධානයට සහාය දක්වන පක්ෂ දෙකක් ආසන 03ක් දිනා ගත් බවයි. ඔවුන්ගේ මෙම ජයග්‍රහණය හරහා කොටි සංවිධානයට සහාය දක්වන තමිල්නාඩුවේ ජනමතය නියෝජනය වන බව ඔහු පැවසුවේය.
“මේ පක්ෂ ලැබූ ජයග්‍රහණය හරහා තමිල්නාඩුවේ ජනමතය එල්ටීටීඊ සංවිධානයට දක්වන සංවේදීතාවය පැහැදිලි වෙනවා” ශිරාල් සිය මතය වෙනුවෙන් තර්ක කළේය.
“දේශපාලන වේදිකාවේ මොන තරම් කන් පුපුරන කතා ඇහුණත් (ඇත්ත වශයෙන්ම) තමිල්නාඩුවේ දෙමළ ජනතාව මේ පිළිබඳ එතරම් උද්යෝගයක් දක්වන බවක් අපි දැක්කේ නැහැ. මධ්‍යම රජයේ උද්යෝගයකුත් නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන කතා නොකළ යුතුයි කියලා. ඒක කොහොමද කර ගන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ ඡන්දයේ දී අපි දැක්ක දේ තමයි, (මේක ලංකාවේදීත් වුණා වගේම) ප්‍රධාන පක්ෂ අභිබවා අලුත් පක්ෂයට එළියට ඒම”
මෙම මැතිවරණයේ දී තමා ප්‍රධාන වෙනස්කම් තුනක් දකින බව ශිරාල් කීවේය. බංග්ලාදේශයේ මහ ඇමතිවරිය වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ, වාමාංශික නායිකා මමිතා බෙනර්ජි මහත්මිය පරාජයට පත්වීම හරහා බටහිර බෙංගාලය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ස්වෝත්මවාදී පාලනයට යටත් කර ගැනීමට හැකිවීම, කේරළයේ ලැබූ පරාජය සහ නව දේශපාලන පක්ෂයක් (විජේගේ) විසින් තමිල්නාඩුවේ සාම්පද්‍රායික දේශපාලන පක්ෂ දෙක පරාජයට පත් කිරීම ඒ අතර වන බව ශිරාල් කීවේය.
“මේක හරිම රසවත් තැනක් තිබෙනවා. අපි දන්නවා ස්ටාලින්ගේ පාලනය යටතේ තමිල්නාඩුව පසුගිය 2025 දී 16%ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. මේක හිතාගන්න බැරි තරම් ඉහළ ආර්ථික වර්ධන වේගයක්. තමිල්නාඩුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3600ක් දක්වා ඉහළ ගියා. එවැනි ඉහළ ආර්ථික වර්ධනයක් තිබුණ සමයක තමයි තමිල්නාඩුවේ ඡන්දදායකයා, විශේෂයෙන් තරුණ ඡන්දදායකයා සාම්ප්‍රදායික පක්ෂ දෙකම පරාජයට පත්කරලා විජේට බලය දුන්නේ. ඒක කොහොමද වෙන්නේ?. මේක හරිම රසවත් සිනාරියෝ එකක්. ලංකාවේ වුණෙත් එහෙමයි. නමුත් ලංකාවේ ඒක වුණේ ආර්ථිකය කඩා වැටෙන යුගයක, ඒ කඩා වැටීමෙන් ගොඩ එන්න හදන කාලයක තමයි මේක වුණේ. නමුත් තමිල්නාඩුවේ වෙන්නේ ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබෙන කොට තමයි ඒ පාලනය වෙනස් කළේ. ඒ නිසා අපට හිතන්න වෙනවා, ‘මිනිස්සු ආර්ථික සාධකයට වඩා මේ යුගයේ සමාජ – සංස්කෘතික කරුණු කරුණු ගැන උද්යෝගිමත් වෙනවා කියලා. සමාජ – සංස්කෘතික සාධක විසින් තමයි ආණ්ඩු පෙරළන්නේ කියලා අපට වැටහෙනවා” ශිරාල් මෙහිදී පෙන්වා දුන්නේ මහා බ්‍රිතාන්‍යයේ ද මෙවැනි තත්ත්වයක් දැකගත හැකි බවයි.
“අපි හිතනවා ප්‍රංශයේ එමානුවෙල් මැක්ක්‍රෝන්ට ඒක වෙයි ලා පෙන් ජයග්‍රශනය කරයි කියලා” ශිාරල් පැවසුවේ මෙම ප්‍රවණතාව ඉතා වැදගත් බවයි.
දකුණු ඉන්දීය දේශපාලනය
දකුණු ඉන්දීය සමාජය මේ ආකාරයට සමාජ – සංස්කෘතික කාරණා වඩාත් ප්‍රමුඛ ස්ථානයේහි ලා සැලකීමට හේතු වටහා ගත යුතු බව ශිරාල් පැවසුවේය.
“ඔවුන් මේ සිතන ආකාරයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පැවැති, තමිල්නාඩුව සහ උතුරේ දේශපාලනය අතර මෙතෙක් පැවැති සාකච්ඡාමය න්‍යාය පත්‍රයට ඉඩ නැත්තේ ඇයි?. ඒකේ ඉඩක් නැහැ. අලුත් අභිලාෂයන් අතරට පරණ අභිලාෂයන් ගේන්න බැහැ. Old reality එක වෙනස් වෙමින් තිබෙනවා, නව ජාතිකත්වයක් වර්ධනය වෙමින් තිබෙනවා. මේක ලංකාවත් තේරුම් ගත යුතුයි. මේ ‘නව ජාතිකත්වය කුමක් ද ?’ කියලා තේරුම් ගැනීම තුළ තමයි මේ ආණ්ඩුව ද ඇතුළු සියලු දේශපාලන පක්ෂවල තර්කනයන් ගොඩනැගෙන්න ඔ්නෑ. කවුරු හරි හිතනා නම් පරණ සාකච්ඡා තුළින් මේක යන්න පුළුවන් කියලා ඒක වැරදීමක්. පරණ සාකච්ඡා වැදගත් නැහැ කියලා තමයි දැන් පේන්න තියෙන්නේ. අපේ ඇත්දැකීම්වලින් වැටහෙන්නේ” ශිරාල් ලක්තිලක වැඩි දුරටත් පැවසුවේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 274 වැනි කතිකාව පසුගිය 15 වැනි ඉරිදා ‘නව දේශපාලන ප්‍රවණතා තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයන්හි හෙට දවස’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු තානාපති සුමිත් නාකන්දල, නීතිඥ ශිරාල් ලක්තිලක සහ අරුත සංවිධානයේ චාරුක පීරිස් සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම කතිකාවේ දී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
සටහන – තුෂාල් විතානගේ
















