මහා භාණ්ඩාගාරයේ ම‍ංකොල්ලය: Free lawyers කතානායකට සිහිකැඳවීමක් කරයි

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිය සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කළ ලිපියට මේ දක්වා ප්‍රතිචාරයක් නොලැබුණු බව සිහිපත් කරමින් Free Lawyers කානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත සිහිකැඳවීමක් ලිපියක් අද (22) දින යොමුකර ඇත. එම ලිපිය පහත දැක්වේ.                                                                                                                                

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක ම‍ංකොල්ලය සම්බන්ධයෙනි

අදට ලිත් මාසයකට පෙර, 2026 අප්‍රේල් මස 22 දින මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවන පාර්ශයයක් අතට පත්වීම සම්බන්ධයෙන් අප සංවිධානය ඔබතුමාගේ අවධානය යොමු කරමින් ලිපියක් යොමු කළේය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 (2023.12.29) අනුව එම ලිපිය ලැබුණු බව හෝ ඔබතුමන් අප වෙත තවමත් දන්වා එවා නැත.

එම අනාවරණයෙන් පසුව මහා භාණ්ඩාගරය, මහ බැංකුව, වානිජ්‍ය බැංකු කේෂ්ත්‍රය පිළිබඳ ජනතා විශ්වාසය ඇදහිය නොහැකි ලෙස පළුදු වී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව, අස්වැසුම, NDB බැංකුව, සම්පත් බැංකුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරුව වැනි දැවැන්ත දුෂණ අක්‍රමිකතා රැසක් වාර්තා වී ඇත.  ජනතා විශ්වාසය බිඳවැටීම නිසා මේ වන විට විදේශීය මිනිමය හුවමාරුව දැවන්ත අර්බුදයක ලක්ව ඇත.

පසුගිය මාස 16 පුරා මාසක වරක් දෙවරක් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි අතිගරු ජනාධිපතිතුමන් එකම වරක් හෝ පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව භාණ්ඩාගාර මංකොල්ලය වසා ගැනීම සඳහා සාක්ෂි වෙනස් කිරීමට මාසයක් කාලයක් ලබාදී ඇත. කෝපා කමිටුව අවම වශයෙන් ‍මේ සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශයන් හි ගිණුම් සම්බන්ධයෙන් වන වගකීම පැහැරහැර ඇත.

ගරු කතානායකතුමනි,

මහා භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ අප සංවිධානය ඔබ වෙත පැමිණිලි කරනු ලැබූයේ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව මඟින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය සහ බලය පාර්ලිමේන්තුව වෙත පවරා ඇති බැවිනි. අපගේ ලිපිය පසුගිය දින 30 පුරා දෙස් විදේස් මාධ්‍යයන් හි සිරස්තල මවමින් තිබුණි. මේ වන විට රටේ ආර්ථිකයේ හදවත භාණ්ඩාගාරය හා මහ බැංකුව පිළිබඳ ජනතා විශ්වාසය නැවත සමහන් කළ නොහැකි තරමට පළුදු වී ඇත.

එහි ප්‍රතිඑලයක් ලෙස රුපියල බාල්දු වෙමින්, උණ්ඩියල් හා විදේශ මුදල් හුවමාරු කළු ආර්ථිකය හිස ඔසවමින් ඇත.

මැයි මස 27 දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලැබෙන ඩොලර් මිලියන 700 ක මුදල සම්බන්ධයෙන් ආණ්ඩ පක්ෂයේ නියෝජිතයින් අන්ධ බලාපොරොත්තුවක් තබා ගනිමින් ඇත.  අවම වශයෙන් මෙම මිලියන 700 ක මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට නොව ‘අය වැය මුල්‍යනයට’ මහා භාණ්ඩාගාරයට බව පවා අමතක කර ඇත.

අද වන විට ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් ණය ගෙවීම පැහැර හැරි (technical default status) රාජ්‍යයකි.  අවම වශයෙන් මෙම තත්වයෙන් මිදීම සඳහා මේ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් කර පාර්ලිමේන්තු තුලින් ණය ගෙවීම සඳහා වන විකල්ප කාර්ය සාධනයක් සකස් කර ගැනීමට අසමත්වී ඇත.

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය පිළිබඳ අනාවරණය කර මාසයක් ගත වන විට රට පත්ව ඇති ව්‍යසනය අද දින වානිජ්‍ය බැංකුවල මුදල් හුමවමාරු අගයන් හා උණ්ඩියල් හා විදේශ මුදල් හුවමාරු අගයන් අතර ඇතිවී තිබෙන පරතරය මගින් විද්‍යාමාන වේ.  මෙවැනි පරතයක් 2021 නොවැම්බර් – දෙසැම්බර් සමයේ දී හෝ නොවූ බව අපගේ නිරීක්ෂණය යි.

අප නැවත ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීම දරන පාර්ලිමේන්තුව මගින් මහා භාණ්ඩාගාර මංකොල්ලය පිලිබඳ විධිමත් විමර්ශනයක් නොපමාව සිදු කරන ලෙස ය. පාර්ලිමේන්තු සතු මුල්‍ය බලය ක්‍රියාවෙහි යෙදවීමට ඔබතුමන් වෙත ශක්තිය හා ධෛර්ය ලැබේවා යැයි පතමු.

මෙයට විශ්වාසී,

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, සභාපති / ‍ෆී ලෝයර්ස් සංවිධානය ‍

පිටපත්

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
  • පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
  • විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website