ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අනුමැතිය ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 දින ඉදිරිපත් කළ නිර්දේශයකට අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අංක 2437/24 යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නව කමිටුව පත්කර තිබේ.

නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත්කර ඇති අතර, අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ යන මහත්වරුන් සහ සහ වැනෙසා ද සිල්වා මහත්මිය සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තේරීම් ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීම මෙම නව පත්කිරීම්වල ප්‍රධාන අරමුණ බව ක්‍රීඩා අමාත්‍යාංශය පෙන්වා දෙයි. තවද, ජාතික කණ්ඩායම් සඳහා සුදුසුම ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී වෘත්තීයමය ප්‍රවේශයක් සහ සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මෙම කමිටුවට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website