වාර්ෂික පොදු රාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය ලන්ඩන් බලා යයි

22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුව  (22nd Annual Commonwealth Education Forum) සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (18) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එක්සත් රාජධානිය බලා පිටත්ව ගියහ.

මෙම නිල සංචාරය අතරතුර, අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යයනය, පර්යේෂණ සහයෝගීතාව සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය හා රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website