ගෝඨාභය යුගයේ ‘සීනි බදු වංචාව’ සම්බන්ධ හඳුන්නෙත්තිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

2020 දී සීනි ආනයනයේදී සිදු වූ බව කියන වංචාවට වගකිව යුතු අයගෙන් රුපියල් බිලියන 15.9ක් අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ වත්මන් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 27 වැනිදා කැවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.

ශිරාන් ගුණරත්න සහ සම්පත් අබයකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද දින මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website