විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් ජනපති අතර හමුවක්

බෙලරුස්  රාජ්‍යයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා වෙළඳ, කර්මාන්ත, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 25ක් සපිරෙන අවස්ථාවේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීමද මෙහි දී යළි තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website