බෙලරූස් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් තැබේ

බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, මින්ස්ක් නුවරදී බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් මහතා සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක් ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කෙරුණු අතර, එමඟින් ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට ශක්තිමත් පදනමක් වන බවට අපේක්ෂා කෙරේ.

ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේ දී, ශ්‍රී ලංකා සහ බෙලරුස් විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර, ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම එහිදී අවධාරණය කෙරිණි.

දශකයකට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකාවෙන් බෙලරුස් වෙත සිදු වූ පළමු ඉහළ මට්ටමේ සංචාරය මෙය වන අතර, එමඟින් දෙරට අතර සබඳතාවල නව ප්‍රබෝධයක් පෙන්නුම් කරයි.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මහත්මිය, යුරෝපය සහ උතුරු ඇමරිකාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website