
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද ගෝලීය තීරු බදු වෙනුවට නව 10%ක ගෝලීය තීරු බදු පැනවූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම තීන්දුව “භයානක” යැයි පවසමින් සහ ඔහුගේ වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් “මෝඩයන්” ලෙස විවේචනය කළේය.
පසුගිය වසරේ ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බව ඊයේ (20) විනිසුරුවරුන් විසින් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු ජනාධිපතිවරයා මෙම සැලැස්ම එළිදැක්වීය.
6-3 තීන්දුවකින්, අධිකරණය තීන්දු කළේ ජනාධිපතිවරයා තම බලතල ඉක්මවා ගොස් ඇති බවයි.
මෙම තීරණය, තීරුබදුවලට අභියෝග කළ ව්‍යාපාර සහ එක්සත් ජනපද ප්‍රාන්තවලට ප්‍රධාන ජයග්‍රහණයක් වූ අතර, එමඟින් ඩොලර් බිලියන ගණනක තීරුබදු ආපසු ගෙවීම් සඳහා දොර විවර වූ අතර ගෝලීය වෙළඳ භූ දර්ශනයට නව අවිනිශ්චිතතාවයක් ද ඇති විය.
සිකුරාදා (20) ධවල මන්දිරයේ සිට කතා කරමින් ට්‍රම්ප්, නීතිමය සටනකින් තොරව මුදල් ආපසු ගෙවීමක් සිදු නොවන බව පෙන්වා දුන් අතර, මෙම කාරණය වසර ගණනාවක් අධිකරණයේ විවාද කරනු ඇති බව තමා අපේක්ෂා කරන බව ද පැවසීය.
එක්සත් ජනපදයේ ආයෝජන සහ නිෂ්පාදනය දිරිමත් කරන බවට ඔහු තර්ක කර ඇති ඔහුගේ තීරුබදු සමඟ ඉදිරියට යාමට වෙනත් නීති වෙත යොමු වන බව ද ඔහු පැවසීය.
“අපට විකල්ප තිබෙනවා – විශිෂ්ට විකල්ප තිබෙනවා, ඒ සඳහා අපි බොහෝ ශක්තිමත් වනු ඇත,” ඔහු පැවසීය.
පසුගිය වසරේ ට්‍රම්ප් විසින් ලොව සෑම රටකින්ම පාහේ භාණ්ඩ සඳහා පනවන ලද ආනයන බදු කෙරෙහි අධිකරණ සටන කේන්ද්‍රගත විය.
මුල දී මෙක්සිකෝව, කැනඩාව සහ චීනය ඉලක්ක කරගත් තීරුබදු, පසුව ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේදී “විමුක්ති දිනය” ලෙස නම් කළ දිනයේ වෙළඳ හවුල්කරුවන් දුසිම් ගනනක් දක්වා ව්‍යාප්ත විය.
හදිසි අවස්ථාවකට ප්‍රතිචාර වශයෙන් වෙළඳාම “නියාමනය” කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දෙන 1977 නීතියක් වන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (International Emergency Economic Powers Act – IEEPA) ධවල මන්දිරය උපුටා දක්වා තිබුණි.
නමුත් මෙම පියවරයන් එක්සත් ජනපදයට ඇතුළු වන නැව්ගත කිරීම් සඳහා බදු හදිසියේ ඉහළ නැංවීමකට මුහුණ දෙන සමාගම්වලින් දේශීය හා විදේශීය වශයෙන් විරෝධයක් ඇති කළ අතර, බදු ඉහළ මිලකට හේතු වනු ඇතැයි යන කනස්සල්ලට හේතු විය.
පසුගිය වසරේ අධිකරණය ඉදිරියේ තර්ක කරමින්, අභියෝගාත්මක රාජ්‍යයන් සහ කුඩා ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ, ජනාධිපතිවරයා විසින් බදු පැනවීම සඳහා භාවිතා කරන ලද නීතියේ “තීරුබදු / tariffs” යන වචනය සඳහන් කර නොමැති බවයි.
කොංග්‍රසය බදු පැනවීමේ බලය පැවරීමට හෝ ජනාධිපතිවරයාට පවතින අනෙකුත් වෙළඳ ගනුදෙනු සහ තීරුබදු නීති “කුණු කිරීමට විවෘත බලයක් / open-ended power to junk” ලබා දීමට අදහස් නොකරන බව ඔවුහු පැවසූහ.
ඔහුගේ මතය අනුව, ගතානුගතිකයෙකු වන අගවිනිසුරු ජෝන් රොබට්ස් එම මතයට පක්ෂව සිටියේය.
“කොංග්‍රසය තම තීරුබදු බලතල පවරන විට, එය එසේ කර ඇත්තේ පැහැදිලි වචන වලින් සහ දැඩි සීමාවන්ට යටත්වය,” අගවිනිසුරු ජෝන් රොබට්ස් ලිවීය.
“කොංග්‍රසය තීරුබදු පැනවීමේ සුවිශේෂී සහ අසාමාන්‍ය බලය ප්‍රකාශ කිරීමට අදහස් කළේ නම්, එය අනෙකුත් තීරුබදු ප්‍රඥප්තිවල අඛණ්ඩව ඇති පරිදි, එය පැහැදිලිවම එසේ කරනු ඇත.” අගවිනිසුරු ජෝන් රොබට්ස් තව දුටත් පැවසුවේය.
තීරුබදු අඩු කිරීමේ තීරණයට අධිකරණයේ ලිබරල් විනිසුරුවරුන් තිදෙනා මෙන්ම ට්‍රම්ප් විසින් නම් කරන ලද විනිසුරුවරුන් දෙදෙනෙකු වන ඒමි කෝනි බැරට් සහ නීල් ගෝර්සුච් ද එක් වූහ.
කොන්සර්වේටිව් විනිසුරුවරුන් තිදෙනෙකු වන ක්ලැරන්ස් තෝමස්, බ්‍රෙට් කවනෝ සහ සැමුවෙල් ඇලිටෝ, ඊට විරුද්ධ වූහ.
ධවල මන්දිරයේදී ට්‍රම්ප් පැවසුවේ තම වෙළඳ ප්‍රතිපත්තියට එරෙහිව ඡන්දය දුන් රිපබ්ලිකන් පක්ෂයෙන් අධිකරණය පත් කරන ලද අය ගැන තමා “අතිශයින්ම ලැජ්ජාවට පත්වන” බවයි.
ඔවුන් “මෝඩයන් සහ ඔඩොක්කු කුක්කන් ” බවත් “ඉතා දේශද්‍රෝහී සහ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාත නොවන” අය බවත් ඔහු පැවසීය.
නිවේදනයෙන් පසු ඇමෙරිකානු කොටස් මිල ඉහළ ගිය අතර, එක්සත් ජනපදය පුරා ව්‍යාපාර ප්‍රවේශමෙන් තීන්දුව පිළිගත් බැවින් S&P 500 0.7% කින් පමණ අවසන් විය.
“මට දැනෙන්නේ… මගේ පපුවෙන් රාත්තල් දහසක බරක් ඉවත් කළා වගේ,” චීනයේ නිෂ්පාදන නිෂ්පාදනය කරන මිනසෝටා හි Busy Baby products හිමිකාරිනි බෙත් බෙනිකේ පැවසුවාය.
නඩුවට සම්බන්ධ කුඩා ව්‍යාපාරවලින් එකක් වන Terry Precision Cycling හි ප්‍රධාන විධායක නික් හෝම්, මෙම තීන්දුව “සහනක්” ලෙස හැඳින්වීය.
“අපගේ සැපයුම් දාමය නැවත යථා තත්ත්වයට පත් වී සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට මාස ගණනාවක් ගතවනු ඇතත්, මෙම නුසුදුසු ලෙස එකතු කරන ලද තීරුබදු රජයෙන් ආපසු ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා” ඔහු පැවසීය.
කෙසේ වෙතත්, අපේක්ෂිත මුදල් ආපසු ගෙවීම් සහ තීරුබදු පිරිවැයෙන් සහනයක් ලබා ගැනීම දුෂ්කර විය හැකිය.
සිකුරාදා (ඊයේ), ට්‍රම්ප් ‘122 වන වගන්තිය’ ලෙස හැඳින්වෙන කිසිදා භාවිතා නොකළ නීතියක් යටතේ නව 10% තීරුබදු පනවන ප්‍රකාශයකට අත්සන් තැබීය, එය දින 150 ක් සඳහා 15% දක්වා තීරුබදු පැනවීමට බලය ලබා දෙන අතර, එම අවස්ථාවේදී කොංග්‍රසය මැදිහත් විය යුතුය.
එය පෙබරවාරි 24 වන දින සිට ක්‍රියාත්මක වේ.
මෙම නියෝගයේ ඇතැම් ඛනිජ, ස්වාභාවික සම්පත් සහ පොහොර; දොඩම් සහ හරක් මස් වැනි සමහර කෘෂිකාර්මික නිෂ්පාදන; ඖෂධ; සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඇතැම් වාහන ඇතුළු විවිධ නිදහස් කිරීම් සඳහන් වේ.
නිදහස් භාණ්ඩ කාණ්ඩ බොහොමයකට, අනුපිළිවෙළ පුළුල් වන අතර නිදහස් කළ හැකි අයිතම මොනවාද යන්න නිශ්චිතව සඳහන් නොකරයි.
කැනඩාව සහ මෙක්සිකෝව උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුමක් වන USMCA යටතේ භාණ්ඩවලින් අතිමහත් බහුතරයක් ආවරණය වන තීරුබදු සඳහා නිදහස් කිරීමක් රඳවා ගනු ඇත.
එක්සත් රාජධානිය, ඉන්දියාව සහ යුරෝපා සංගමය ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ ගිවිසුම් ඇති කරගත් රටවල්, ඔවුන් කලින් සාකච්ඡා කළ තීරුබදු අනුපාතයට වඩා 122 වන වගන්තිය යටතේ ගෝලීය 10% තීරුබදුවලට මුහුණ දෙන බව ධවල මන්දිර නිලධාරියෙක් පැවසීය.
ට්‍රම්ප් පරිපාලනය අපේක්ෂා කරන්නේ එම රටවල් වෙළඳ ගිවිසුම් යටතේ එකඟ වූ සහනවලට අනුකූලව කටයුතු කරනු ඇති බවයි.
ජාතික ආරක්ෂක අවදානම් සහ අසාධාරණ වෙළඳ පිළිවෙත් ආමන්ත්‍රණය කිරීම සඳහා ආනයන බදු වලට ඉඩ සලසන 232 වන වගන්තිය සහ 301 වන වගන්තිය වැනි අනෙකුත් මෙවලම් ද ධවල මන්දිරය සලකා බලනු ඇතැයි විශ්ලේෂකයින් අපේක්ෂා කරයි.
ට්‍රම්ප් මීට පෙර එම මෙවලම් තීරුබදු සඳහා භාවිතා කර ඇති අතර, පසුගිය වසරේ වානේ, ඇලුමිනියම් සහ මෝටර් රථ වැනි අංශ සඳහා නිවේදනය කරන ලද ඒවා ද ඊට ඇතුළත් ය. අධිකරණ තීන්දුවෙන් ඒවා ස්පර්ශ නොවීය.
“අද දේවල් වඩාත් සංකීර්ණ හා අවුල් සහගත වී තිබෙනවා,” වොෂින්ටනයේ නව ඇමරිකානු ආරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ජෙෆ්රි ගර්ට්ස් පැවසීය.
ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ ප්‍රතිචාරය සාපේක්ෂව නිහඬ විය.
“අපි එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සැලකිල්ලට ගෙන එය ප්‍රවේශමෙන් විශ්ලේෂණය කරමින් සිටිමු,” යුරෝපීය කොමිසමේ ප්‍රකාශක ඔලොෆ් ගිල් සමාජ මාධ්‍යවල ලිවීය.
රජයේ නවතම දත්ත වලට අනුව , IEEPA නීතිය භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් අවම වශයෙන් ඩොලර් බිලියන 130 ක තීරුබදු එකතු කර ගෙන ඇත.
මෑත සතිවලදී, සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් වන Costco, ඇලුමිනියම් දැවැන්තයා වන Alcoa සහ ටූනා මාළු සන්නාමයක් වන Bumble Bee වැනි ආහාර ආනයනකරුවන් ඇතුළු සිය ගණනක් සමාගම්, මුදල් ආපසු ගෙවීම සඳහා පෙළගැස්වීමේ උත්සාහයක් ලෙස, තීරුබදු වලට එරෙහිව නඩු පවරා ඇත.
නමුත් බහුතරයේ තීරණයේ මුදල් ආපසු ගෙවීම් ගැන සෘජුවම සඳහන් නොවන අතර, එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන ප්‍රශ්නය ජාත්‍යන්තර වෙළඳ අධිකරණයට නැවත භාර දීමට ඉඩ තිබේ.
ඔහුගේ විරුද්ධ මතයේ දී, විනිසුරු බ්‍රෙට් කවනෝ අනතුරු ඇඟවූයේ තත්වය “අවුල් සහගත” වනු ඇති බවයි.
නඩු පැවරීමේ පිරිවැය කුඩා සමාගම් සඳහා අරමුදල් ආපසු ගෙවීම දුෂ්කර කළ හැකි බවට KPMG US හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩයෑන් ස්වොන්ක් අනතුරු ඇඟවීය.
“අවාසනාවකට, සහනයක් සඳහා ඇති ආශාව මට තේරෙනවා වුණත්, ඔබේ උද්යෝගය අඩු කරගන්න කියලා මම කියන්නම්,” ඇය පැවසුවාය.
නීති සමාගමක් වන Pillsbury හි ප්‍රධානී ස්ටීව් බෙකර් පැවසුවේ ව්‍යාපාර සඳහා “හොඳම දෙය” වන්නේ රජය නඩු පැවරීමක් අවශ්‍ය නොවන ක්‍රියා පටිපාටියක් නිර්මාණය කළහොත් බවයි.
“සමාගම්වලට අවසානයේ ඔවුන්ගේ මුදල් ආපසු ලැබෙනු ඇතැයි තරමක් විශ්වාස කළ හැකි යැයි මම සිතනවා. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද යන්න ඇත්ත වශයෙන්ම රජය සතු තීරණයක්” ඔහු පැවසුවේය.
මූලාශ්‍රය: bbc.com
















