නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රකාශයට පත් කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් වගකිව යුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රකාශයට පත්කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ගංගොඩවිල මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග කළාය.
















