දයාසිරි ජයසේකර මහතාගේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
දයාසිරි ජයසේකර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට කොළඹ දිසා අධිකරණය අවසර ලබා දී නොමැති බව දයාසිරි ජයසේකර මහතාගේ ප්රකාශකයෙක් සඳහන් කළේය.














