දින 22ක් තුළ සංචාරකයින් 194,553ක් මෙරටට

2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ දින 22 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 35,177කි. රුසියාවෙන් 19,930 දෙනකු, එක්සත් රාජධානියෙන් 19,893 දෙනකු සහ ජර්මනියෙන් 12,822 දෙනකු මෙරටට පැමිණි බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම  ජනවාරි 15 දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website