අණ නොතැකූ ලොරිය පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා යයි : රියදුරු ලොරි රථය සමඟ අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනතුරට පත්කරමින් පළා යන ලොරි රථයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. සිද්ධිය අද (24) දින උදෑසන වව්නියාව, ඉරට්ටකුලම පොලීස් වසමේ මාර්ගයක සිදුවූ සිදුවීමක් වන අතර මේ වන විට පළා ගිය රියදුරු ලොරි රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂා කිරීමට නැවැත්වීමේදී මෙම රියදුරු අණ නොතකා මාර්ග බාධක දෙකක් මඟහැර ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරීන් ඔහුව ලුහුබැඳ නැවැත්වීමට අණකිරීමේදී මෙලෙස අනතුරට පත්කර පළායාමට උත්සහ දරා තිබේ.

ඉරට්ටකුලම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website