මන්නාරම මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක් අද (14) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඩිංගි යාත්‍රාවේ තිබී සැක සහිත මත්ද්‍රව්‍ය බෑග් කිහිපයක් සොයාගෙන ඇති අතර ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් මේ වන විට ගොඩබිමට ගෙන ඒම සිදු කරන බව නාවික හමුදාව පැවසීය.












