පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අනුමතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට  රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක  සභාවේ අනුමතිය හිමි විය.

ඒ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් 2026.02.11 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2026 පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

යෝජිත පරිදි උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පනත් කෙටුම්පතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබී‍ම නතර‍වනු ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, චන්දන සූරියආරච්චි සහ ධර්මප්‍රිය විජේසිංහ, යන මහත්වරුන් සහභාගී වූහ. එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන,  එම්.කේ.එම්. අස්ලම් සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website