78 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (29) නිවේදනය කළේය.
ඒ අනුව එම උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් හෙට (30) සිට පෙබරවාරි 2වනදා දක්වා පැවැත්වේ. එම දින හා නිදහස් දින උත්සවය සැලකිල්ලට ගෙන කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අදාළ නිවේදනය පහත දැක්වේ.














