මහනුවර පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ දහවල් (23) කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානය මඟින් විමර්ශනක් ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 65 ක් පමණ වූ යාචක කාන්තාවකි.
මෙම ඝාතනය සිදු කළ වයස අවුරුදු 30ක් වන සැකකරු පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර අපරාධයට යොදාගත් පිහිය ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















