2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම් දීමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ තාවකාලිකව කල් දැමීමට සිදු වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 ආරම්භ වී ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

සංශෝධිත කාලසටහන මේ වන විට සියලු විභාග අපේක්ෂකයන් වෙත යවා ඇති බවත් සිසුන්ගේ පහසුව වෙනුවෙන් සංශෝධිත කාලසටහන තුළ විභාගය පැවැත්වෙන වේලාවන් සහ සිකුරාදා දින විභාගය පවත්වන වේලාව වන පස්වරු 02.00 නොවෙනස්ව පවතින බවත් විභාග කොමසාරිස්ජනරාල්වරිය පැවසුවාය.

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථානගත වූ පාසල් සිසුන් සඳහා විදුහල්පතිතුමාගේ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අත්සනින් යුතුව ද සහ පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාමනිලධාරි සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සනින් යුතුව ද සහතික කරන ලද තාවකාලික අනන්‍යතා පත්‍රයක් මගින් විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බව මෙහිදී ඇය ප්‍රකාශ කළාය.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පෙන්වා දුන්නේ සියලු විභාග අපේක්ෂකයන් විභාගය පැවැත්වීමට පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු අතර, විනාඩි 30කට පෙර නියමිත අසුන්මත සිටිය යුතු බවයි.

ජංගම දුරකතන, Smart watch, Calculater ආදිය විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම තහනම් බව ද ඇය අවධාරණය කළාය.

එමෙන්ම කිසියම් කාලගුණික විපර්යාසයක් මත අදාළ විභාග මධ්‍යස්ථානයට යා නොහැකි යම් ‍ පාසල් අපේක්ෂකයකු වේ නම් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලික අපේක්ෂකයකු වේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම මගින් ද ළඟම විභාග මධ්‍යස්ථානය වෙත යා හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website