ගිංඔයට පැන්න පාසල් සිසුවියගේ සිරුර හමුවෙයි – පෙම්වතිය බේරා ගන්න ඔයට පැන්න පෙම්වතා රෝහල්ගත කෙරේ

ඊයේ (28) සවස 5.30ට පමණ වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේදී ගිංඔයට පැන අතුරුදන් සිටි තරුණියගේ සිරුර හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

මියගිය තරුණියගේ සිරුර අද (29) දහවල් පාලම ආසන්නයේ පාවෙමින් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇති අතර මෙසේ සියදිවි නසා ගෙන ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන උදයංගනා සත්සරණී නම් 17 හැවිරිදි පාසල් සිසුවියක් බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම තරුණියව බේරාගැනීමට ගිංඔයට පැන ඇති 18 හැවිරිදි ඇයගේ පෙම්වතා ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පවසන ආකාරයට ඊයේ (28) සවස 5.30ට පමණ ගිංඔය පාලම ආසන්නයට පැමිණ ඇති තරුණිය සිට පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව එම ස්ථානයට ගෙන්වා ගෙන ඇත. පසුව ඇය ගිංඔයට පැන ඇති අතර, සිය පෙම්වතිය බේරා ගැනීමට තරුණයා ද ගිංඔයට පැන තිබේ.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website