සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වි තිබේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන සංශෝධන ඇතුළත් කරමින් ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බවට සහ ඒ අනුව අදාළ චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කරන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලැබී තිබේ.
විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමග ගිවිසුම් ගතවී තිබේ.
එමගින් රජයේ පාසල් ,රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය , අනතුරු රක්ෂණාවරණය යන කාණ්ඩ යටතේ ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව 2025/26 වර්ෂයට අදාළව “ සුරක්ෂා “ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026.08.31 දින දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු බලන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000 සිට රුපියල් 240,000 ලෙස සංශෝධනය කිරීම, කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය සඳහා සහ කර්ණ ශංඛ උපකරණ සඳහා රුපියල් 75,000ක් දක්වා ප්රතිලාභ ලබා දීම, අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 7ක් සඳහා දීර්ඝ කාලීන ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබා දීම, අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax “Encephalitis , Thalassemia , Hereditary spherocytosis සහ Sickle cell anemia 5ක් අලුතින් එක් කිරීම, 2025.09.01 දින සිට ප්රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරාල් ලිමිටඩ් හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම එම වෙනස්කම් වේ.
















